

Out of stockරජයක් සිය රට වැසියන්ට සලකන ආකාරය ඒ ඒ රටවල ස්වෛරි කාර්යභාරයක් බවත් ඒ සම්බන්ධයෙන් අන් රටවලට ඇගිලි ගැසිය නොහැකි බවත් හිට්ලර්ගේ මානව විරෝධී අමානුෂික අපරාධ හෙළිදරව් වන තෙක් ම අන්තර්ජාතික දේශපාලනයේ මුල් බැසගත් මතයක් විය. ආයෝන්තම සමාජයක් ගොඩ නැගීම සඳහා හිට්ලර් සහ ඔහුගේ සහචරයෝ යුදෙව් ගැහැනුන්, ළමෙයින් හා මිනිසුන් හයලක්ෂයක් මරා දැමුහ. මේ සා සහාසික ජනඝාතයක් වැළැක්වීමට ලෝකයා අසමත් වුයේ ඇයි? රජයක් සිය රටවැසියන් සම්බන්ධයෙන් ගනු ලබන කිනම් ක්‍රියාමාර්ගයක් වුවද රටක අත්තනෝමතික ස්වෛර්යත්වය තෙ තීරණය කළ හැකිද? අවසාන විග්රහයේදී ඇත්ත වශයෙන්ම ස්වෛරී විය යුත්තේ රටද? නැතහොත් මනුෂ්‍යාත්මභාවයද? දේශ දේශාන්තරයන්ගෙන් පැමිණි විශිෂ්ට පුද්ගලයන් කණ්ඩායමක්මිනිසා මනුෂ්‍යයෙකු වන්නේ කවර අනුල්ලංඝනීය අයිතිවාසිකම් නිසාදැයි නිර්ණය කිරීම සඳහා දෙවැනි ලෝක මහා යුද්ධය අවසානයේ දෙවසරක් පුරා කතිකාවක් පැවැත්වූහ. ඔවුන්ගේ තර්ක විතර්ක, කේවල් කිරීම් පිළිබඳ අපූරු තොරතුරු පමණක් නොව ඔවුන් විසින් අනුදත් ඒ අයිතිවාසිකම් පිළිබඳව ගත වූ දශක හය තුළ ලෝක මතය හැඩගැස්වී ඇති අයුරු ගැනත් කළ දැනුවත් විමසුමකින්ද මේ පොත පොහොසත්ය.
Read this book? Sign in to share a review with other readers.