

Out of stockAncient Wisdom, Modern World' නමැති මේ ග්‍රන්ථයේ කතුවරයාණන් වන්නේ ටිබෙට් දේශයේ ආගමික නායක අති උත්තම දලයි ලාමා වහන්සේය. දලයි ලාමා' යනු ආගමික පදවි නාමයකි මෙතුමාට වයස අවුරුදු තුනේ දී අනාගත ලාමාවරයෙකු වශයෙන් තෝරා ගැනීමෙන් අනතුරුව, ටිබෙටයේ අගනුවර වන ලාසා නගරයේ පෝතලා ' නම් මන්දිරයට කැඳවාගෙන එනු ලැබ, ආගමික නායකත්වය සඳහා පුහුණු කිරීම් ලැබුවෙකි. ටිබෙට් දේශයේ දේශපාලන වෙනස්කම් සිදුවීම මත, වයස අවුරුදු දහසයේ දී මෙතුමන්ට ඉන්දියාවට සංක්‍රමණය වීමට සිදු විය. මේ දක්වා ඉන්දියාවේ 'ධර්මසාලා' නමැති ස්ථානයේ වැඩවසමින් එතුමාණෝ ආගමික හා සාමාජීය කටයුතු වල යෙදී සිටිති. තමන් අදහන ආගම කුමක් වුවත්, මනුෂ්‍යත්වය අගයන මිනිසුන් විසින් කමන්ගේ එදිනෙදා ජීවිතය තුළ ක්‍රියාත්මක කළ යුතු සමාජ ආචාරධර්ම ගණනාවක් පිළිබඳව මේ පොතෙහි කියැවේ. ඒ සියල්ලක්ම බෞද්ධ ධර්මයෙහි ඉගැන්වෙන කාරණා ද වේ. අනෙකුත් වැදගත් ආගම් වල ද ඒ කරුණු අන්තර්ගත වී ඇත. මෙම සමාජ ආචාර ධර්ම මිනිසුන්ගේ පමණක් නොව, අන්‍ය සත්ත්වයන්ගේත් අජිවී ලෝකයේත් පැවැත්මට අවශ්‍ය වන කාරණා වෙයි. ආගමික සංහිඳියාව වර්ධනය කිරීමට මෙන්ම, ලෝක සාමය සුරක්ෂිත කිරීම සඳහා ද මෙම ග්‍රන්ථයේ සඳහන් කාරණා බෙහෙවින් උපකාරී වනු ඇත.
Read this book? Sign in to share a review with other readers.