

Out of stockපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිම තුළ කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනයට යොමුවීම ප්‍රශංසනීය වේ. මැතිවරණයට ඉදිරි පත් වීමේ දී මන්ත්‍රීධුර අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පිළිබඳව කෘතිය තුළ සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය පිළිබඳ උනන්දුවක් දක්වන දේශපාලන විද්‍යාව හදාරන සිසු සිසුවියන්ගේ දැනුම, අවබෝධය පුළුල් කිරීමට මෙම කෘතිය ඉවහල් වේ. එසේම දේශ පාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පුරවැසියන්ට ද ප්‍රයෝජනවත් වන කෘතියකි. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ කාර්යභාරය සෝදා පාළු වන අවධියක මෙම කෘතියෙන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ දැනගැනීම ප්රයෝජනවත්ය. මෙහි කතුවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අතුල ප්‍රේමරත්න කෘතීන් කිහිපයක කතුවරයෙකි
Read this book? Sign in to share a review with other readers.