

Out of stockමාරාන්තික වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ අබිරහස කාලයේ වැලිතලා මඟින් වැසි යාමට ඉඩ දිය යුතුද? පොස්තු කොමිෂන් වාර්තා වලින් වැඩි කොටසක් දියවන්නා පාර්ලිමේන්තු දූපතට යා හැකි උදවියට සීමා වී ඇත. මේ වාර්තාව පවා කියවීමට අවසර තිබුණේ මහජන ඡන්දයෙන් දූපතට යා හැකි මංත්‍රීවරුන්ට පමණි. අපි ඒ වාර්තාව ජනගත කිරීමේ අභියෝගය බාරගත්තෙමු. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස සැඟවී සිටින අපරාධකරුවන් සොයා යන ගමනේ එක් පියවරක් හැටියට ය. ඒ වෙනුවෙන් අපි තව බොහෝ ගවේෂණ කරමින් සිටිමු. ඒවා නුදුරු අනාගතයේදී ඔබ අතට පත් කරන්නෙමු. එතෙක් ඔබ යාවත්කාලීන වන්නට මේ වාර්තාව හා එයට ලියා ඇති හැඳින්වීම ලැදිව හදාරන මෙන් යුක්තිය පතන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමු. සත්‍යය වසන් කළ හැක්කේ කෙටි කලකටය. එය සදාකාලිකවම වසන් කළ නොහැකි බව අපරාධ කරුවන් මෙන්ම බලධාරීන් ද අවබෝධ කර ගත යුතුය.
Read this book? Sign in to share a review with other readers.