
-10%දවස් ගණනක් එක දිගට වැස්ස ය. ගස්වල අලුතෙන් අතු රිකිලි වැඩුණේ ය. දළු කොළ ලියැලුවේ ය. මල් පිපුණේ ය. ජීවිතය ඉදිරියට ගලන්නට විය. මිලින්දගේ මරණය සතියකට ප්රවෘත්තියක් විය. ඊළඟ සතියට අලුත් මාතෘකාවක් ලැබුණි. තෙල් මිල ඉහළ නැග්ගේ ය. විදුලි බිල වැඩි විය. හෝටල් හිමියෝ කෑම මිල ඉහල දැමුවෝ ය. බස් ගාස්තු වැඩි විය. දූපතේ ජීවිතය එකාකාරී ය. වැඩිවීම් මිස අඩුවීමක් නැත. මිනිස්සු තැලුණෝ ය. පොඩිවුණෝ ය. ජීවිත බරෙන් මිරිකුණෝ ය. එහෙත් තවමත් බර අදින්නෝ ය. විකල්ප නැත්තෝ ය. කොළඹ අහස දිනපතා දහසක් කතන්දර දුටුවේ ය. නෙළුම් කුළුණ මහලුවෙමින් සිටියේ ය.
Read this book? Sign in to share a review with other readers.