

Out of stockයහපාලනයේ ප්‍රකාශිත හා අප්රකාශිත දේශපාලන හැගවුම් භෞතික යථාර්තයට ගෙන ඒම මෙම රචනාවල කේන්ද්‍රීය උපක්රමික තලය බව වටහා ගත හැක. එහිදී කතුවරයා දෘෂ්ටිවාදීමය ආස්ථානයන්ට වඩා ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ප්‍රායෝගික බල දේශපාලන ගැටළු කෙරෙහිය. එක් අතකින් සුළු ජාතීන් හා මහ ජාතිය වශයෙන් පවතින කේන්ද්‍රීය රාජ්‍ය මූලික ප්රවර්ගයන් පිළිකෙව් කරන අතර, බෞද්ධ ස්වෝත්තමවාදය" ට එරෙහි වෙයි. වත්මන් මොහොත තුළ විවාදා සම්පන්න "ගෝටාගමනය' පිළිබදව සාරධාර්මික ප්රවේශයකින් යුක්තව විචාරයට එළඹෙයි. එය සෘජුවම දේශපාලනික සදාචාරිමය ප්‍රවේශයක් තුළින් ආඥාදායකත්වය පිළිබඳ බල ව්‍යුහයට එල්ල කෙරෙන විචාරීය - පරික්ෂාත්මක ප්රහාරයකි. අනෙක් අතට ජාතික හා ජාත්‍යන්තර දේශපාලන තලයන් අතර පවතින සියුම් ව්‍යුහාත්මක සබැදියාව ද නිරීක්ෂණයට මෙම රචනා තුළින් අවකාශය සළසා තිබෙයි. ආචාර්ය අතුලසිරි සමරකෝන් විවෘත විශ්ව විද්‍යාලයය ජේෂ්ඨ කථිකාචාර්ය
Read this book? Sign in to share a review with other readers.