

Out of stockමෙම පොත තුළ එක් රැස් කොට ඇත්තේ හෙරිගල් නම් ජර්මන් දාර්ශනිකයා සෙන් දහම තේරුම් ගැනීමේ අදහසින් ජපානයට අවුත් දුනු ශිල්පය හැදෑරීමෙන් ලද අත්දැකීම්ය. මෙය කියවන බටහිර (හා වෙනත්) රටවල පාඨකයන්ටද එම අත්දැකීමට තරමක් සමීප ලෙස සහභාගී වීමට හැකිවනු ඇත. දුනු ශිල්පයේදී විදින්නා හා විදිනු ලබන දෙය යනු ප්‍රතිවිරුද්ධ වස්තු දෙකක් නොවේ, එකම යථාර්ථයකි. තමා ඉදිරියෙහි ඇති ඉලක්කයට විදින පුද්ගලයාය යන දැනීම දුනුවායාගෙන් පහවී යයි. මෙය සිදු වන්නේ තම විදීමේ දක්ෂතාවේ පරිපූර්ණත්වය සමඟ ඒකීයත්වයට පත් වීමෙන් පුද්ගලයා ඉවත්ව සම්පූර්ණයෙන් හිස් බව සාක්ෂාත් කිරිමෙනි. එය එම කලාව ක්‍රමානුකූලව ඉගෙනීමෙන් ලැබෙන දෙයකට වඩා වෙනත් ආධ්‍යාත්මික තලයක පවතින්නකි.
Read this book? Sign in to share a review with other readers.