

Out of stockමෙම ග්‍රන්ථය ගොවිතැන ගැන පමණක් ලියවුණු එකක් ලෙස ගෙන බලන පාඨකයන් පුදුමයට පත් කරන්නේ ආහාරය, සෞඛ්‍යය, සමාජ හර පද්ධතීන්, මිනිස් දැනුමේ සීමාවන් යන විවිධ මාතෘකා ඇතුළත් වන බව දුටු විට ය. දාර්ශනික ග්රන්ථයක් ලෙස සිතා ග්‍රන්ථය කියවන අය පුදුමයට පත් වන්නේ, ජපන් ගොවිපලක වී, ශීත කාලයේ ධාන්‍ය, පැඟිරි සහිත පළතුරු ඇතුළත් වන ආකාරය දුටු විට ය. එක් ග්‍රන්ථයක එක් විශේෂිත දෙයක් පමණක් ඇතුළත් විය යුතුය යන අපගේ සාම්ප්‍රදායික අපේක්ෂාව නිසාම “පිදුරු ගහේ විප්ලවය” වැනි ග්‍රන්ථයක අගය කැපී පෙනේ. මෙම ග්‍රන්ථය වැදගත් වන්නේ, එය එක්වරම ප්‍රායෝගික හා දාර්ශනික වන නිසා ය. එය ගොවිතැන ගැන අමුතු උනන්දුවක් ඇති කරවන ග්රන්ථයක් වන්නේ එය ගොවිතැන ගැන පමණක් ලියවුණු ග්රන්ථයක් නොවන නිසා ය.
Read this book? Sign in to share a review with other readers.