
-10%"ඇයි මට හංඟන්ගේ ?මගේ බැංකු පොතට සල්ලි දාන්නේ පුංචි අප්පෝ.... එතකොට මගේ අක්කට ඉන්න හිටින්න තැනක් දිලා මාස්පතා සල්ලි දෙන්නේ ඔයා.... මට හොරෙන් මං ඉන්න තැන් වල පුංචි අප්පෝ ගොඩක් වෙලාවට ඉන්නවා....මං ඉස්කෝලේ යනකාලේ ඉඳලම එහෙම හිටියා... මගේ ගොන් මොට ඒක තේරුණේ නෑ...ඒත් මගේ හිතට දැන් මේ දේවල් බර ...... අහස්යා නව පියවර දෙකක් ඉදිරියට ආවේ. යුගාරගේ වම් පසටය. ඔහු තවමත් සිටියේ ඇයට පිටුපාමිනි. අහස්යට තියෙන්නේ ගොන් මොළයක් තමයි... ඒ කතාව මං පිළිගන්නවා... මං හැම දෙයක්ම කළා තමයි... මට අහස්යා ගැන දුකක් ඇති වුණා.... අනුකම්පාවට මං මේ හැමදෙයක්ම කළේ...... අහස්යා වැරදියට තේරුම් ගනී කියලා මං ඒ දේවල් මම කරන්නේ කියලා කිව්වේ නැත්තේ... එච්චරයි... යුගාර කීවේය. පුංචි අප්පොට පුළුවන් ද ඔය ටික මං දිහා බලාගෙන කියන්න?” අහස්යා අසද්දී ඇයට ඇති ආදරය හංගා ජීවත් වූ යුගාර තිගැස්සිණ.
Read this book? Sign in to share a review with other readers.