

Out of stockජීවිතේ හතර විදියක අත්දැකීම් තියෙන, හතර විදියක රස්සාවල් තියෙන, හතර විදියක බලාපොරොත්තු ඕනෑ එපාකම් ජීවිත දර්ශන තියෙන බෝඩිංකාරයන් හතර දෙනෙක් බෝඩිමක එක වහලක් යට දී එක් වෙනවා. ඒ හැටි වයසක් නැති බෝඩිම අයිතිකාර වැන්දඹුවට තරුණ දුවකුත් ඉන්නවා. ගෙදර දොරේ වැඩපලට බෝයියෙකුත් කුස්සි අම්මෙකුත් ඉන්නවා. මේ අටදෙනාගේ ජීවිත එකට ගැටීමෙන් ජීවිත නාට්‍යයක් මැවෙනවා. මැද පන්තියේ කොළඹ බෝඩිංකාරයා රුවල් සිඳුණු ඔරුවක් නැත්නම් නැංගුරම් ගැලවිලා ගිය නැවක් වගේ ඔහේ පාවෙලා යන කෙනෙක්. ඒ ජීවිතේ හරියටම ඒකාකාරයි. ඒ ඒකාකාර ජීවිතෙන් පැනලා යන්න හදන එක ම තමා උන්ගේ වැඩේ . ඒක තමා මේ නාට්‍යයේ පසුබිම.
Read this book? Sign in to share a review with other readers.