

Out of stockසීඝ්ර ලෙස වෙනස් වන්නා වූ සදාචාර සම්මතයන් හා පුරුෂාර්ථයන් විසින් කලබැගෑනියට පත් සමාජයක බල ලෝභයෙන් බිහිසුණු වූ දේශපාලන සත්වයන් පිළිබඳ කියන බල්ලෝ බත් කති සමාජ විවරණයක් ද වෙයි. මිනිසා දේශපාලන සත්වයකු ලෙස හඳුන්වා දෙන ලද්දේ ශිෂ්ටාචාරයේ ඈත අතීතයේ දී ම ය. එහෙත් මේ සත්වයන් තිරිසනුන් බවට පත් කරන්නේ ක්ෂාදක අභිලාෂයන් විසිනි. කුමන්ත්රණ, ද්රෝහි ක්රියා, බෙලි කැපීම්, දුක්ගන්නාරාල කම් සහ පාවාදීම් මේ අභිලාෂයන් සාධනයේ ලා අවශ්ය අංගෝපාංගයන් බවට පත් ව ඇත. මේ අංගෝපාංගයන් නිසා ම දේශපාලන ලෝකය කෙනකුට මතක් කරන්නේ ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්යයේ එන යක්දෙස්සියන්ගේ ගොජ දමමින් පැසවන කටාහයයි. පංති අරගලයේ එක් පරමාර්ථයක් විය යුත්තේ මේ පැසවන ස්වභාවය හඳුනාගෙන එය දේශපාලන භූමියෙන් ඉවත් කිරීම ය. මෙවැනි අංගෝපාංගයන්ගෙන් ලක්ෂිත පසුබිමක ජීවත්වන ගැහැනුන් සහ පිරිමින්ගේ මාර්ගයෙන් පංති අරගලයේ සැබෑව දෙස බලන කතුවරයා මිනිසාත් එහෙයින් ම සමාජයත් විග්රහ කිරීමෙන් නොනැවතී එය වෙනස් කළ යුතු බව ද කියයි.
Read this book? Sign in to share a review with other readers.