

Out of stockබුදුන් කියන්නේ නැහැ ආධ්‍යාත්මිකත්වය වටහා ගන්න කියා ඔහු කියන්නේ නොවැදගත් දේ කුමක්දැයි තේරුම් ගන්න කියායි. වෙනස වන්නේ මෙයයි. ඔහුගේ සමීප වීම බුද්ධිමය වශයෙන් කොතරම් තර්කාන්විත ද යත් ඔබව එහි වරදක්, සිදුරක් සොයා ගන්නට ඔහු ඉඩ නොතබයි. "නොවැදගත් දේ" ඔහු සරලවම පවසයි. භෞතික විද්‍යාඥයෙකුගෙන් විමසන්න බුදුන්ගේ භාෂාව ඔහුට වැටහෙයි. ඔහු කියයි. පරමාණුව විශ්ලේෂණය කිරීමෙන් අපි ඉලෙක්ට්‍රෝන කරා ආවා ඉලෙක්ට්‍රෝන යනු විදුලිමය අංශු පමණයි. බොහෝදුරට නොවැදගත් දේ. පදාර්ථය අතුරුදන්ව ගොසින්, ඇත්තේ බල ශක්තිය පමණයි. ඔබට එයට පදාර්ථය යැයි කිව නොහැකියි. එසේම ඉලෙක්ට්‍රෝන විශ්ලේෂණය කිරීමේදීත් ඔවුන් බොහෝ දුරට හිස් බවට - නොවැදගත් හිස් බවට පැමිණ සිටියි. භෞතික විද්‍යාඥයා බෞද්ධ ප්රකාශයන්හි වචනාර්ථ තේරුම් ගනියි. ඔබ කිසිවක් ම සොයාගත නොහැකි වන කෙළවරකට පැමිණි පසු ඔබ පැමිණ ඇත්තේ ඔබගේ ජිවනය වෙතටයි. ඔබගේ ජීවනය ස්තරයක් වගේ නොවෙයි. ජීවිතය යනු සරලවම අවකාශයයි; පිවිතුරු අවකාශයයි; සරලවම හිස් ස්වභාවයයි.
Read this book? Sign in to share a review with other readers.