

Out of stockවිශේෂණ පදයකින් ඔහු හැඳින්වීමට මම ඉක්මන් නොවෙමි. එහෙත් මෙකී නොකී සියල්ලෙන් පරිබාහිර වූ කිසියම් හෝඩුවාවක් ඔහුගේ නිර්මාණ සරණි තුළින් මට ඉව කළ හැකිව තිබේ. ඒ. ලෝකය මෙන්ම සකලවිධ වූ සමාජ සංස්ථා ප්‍රශ්න කිරීමට ඔහු තුළ වන වුවමනාවයි. ගල් පිළිම මෙන් පෙනී සිටින බොල් පිළීම් හමුවේ චෝදනාපත්‍ර ගොනු කිරීමට ඔහු තුළ වන ශක්තියයි, මේ සියල්ලටම හේතු පාදක වූ ඔහුගේ තුන්වැනි ඇසයි. ඩබ්ලියු. වී. අබේසිංහ යනු තනිකරම ප්‍රශ්න පත්රයකියි සිතෙන කරමට විවාදාපන්න ප්‍රශ්න මාලාවක් ඔහුගේ තීරු ලිපි ඔස්සේ වරින් වර එළි දැක තිබේ අටේ සිංහයන්ගේ අදහස් උදහස් සියල්ල එකට ගොනු කළ කළ පෙනෙන ආකාරයට, එක වචනයකින් අපට ඔහු හැඳින්විය හැකි වන්නේ "විප්ලවවාදියෙක් ලෙසය. එහෙත් මාක්ස්වාදය හැදෑරුවද, කාල් මාක්ස් අනුදත් පුද්ගලයකු වුවද, මාක්ස්වාදියකු වශයෙන් අපට ඔහු පෙනී යන්නේ නැත.........බොහෝ අවස්ථාවලදී ඔහු අතිශය හෘදයංගම ලෙස උත්කර්ෂයට නැඟූ චරිතය '' බුද්ධ චරිතය'යි. අපට හැගෙන දැනෙන හැටියට නම්, අබේසිංහයන් අද්විතීය ලෙස - පුජනීය ලෙස සැලකූ මනුෂ්‍යයා බුදුන් වහන්සේය..........මේ අනුව පෙහී යන්නේ විප්ලවවාදියකුට වඩා "මධ්‍යස්ථ මතධායෙකු ලෙස අමේසිංහයන් හැඳින්වීම වඩාත් යුක්ති යුක්ත යයි කියාය. අබේසිංහයෝ අදටත් මේ මධ්‍යස්ථ භාවයේ එළිපත්ත මත රැඳි සිටිති. කැත්ලින් ජයවර්ධන
Read this book? Sign in to share a review with other readers.