

Out of stockජීවිතයේ අරුත කුමක්ද? හැම ශ්‍රේෂ්ඨ ලේඛකයකුම නියමින් හෝ අනියමින් අසන්නේ, ඒ ප්රශ්නය නොවේ ද? ඇත්තටම, ජීවිතයට තේරුමක් තියෙනවාද? තියෙනවා නම්, ඒ කුමක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තැනැත්තා ප්‍රතිභාසම්පන්න ලේඛකයෙකු වූ විට, ඔහු අතින් බිහි වන්නේ සුන්දර නවකතාවකි. හර්මන් හෙස නමැති සුප්‍රකට ලේඛකයා අතින් " සිද්ධාර්ථ ' යන නමින් ලියැවී ඇත්තේද, එවන් එක් සුන්දර නවකතාවකි. ඒ නවකතාවේ ප්‍රධාන චරිතය වන සිද්ධාර්ථ, ඉතාම කඩවසම් කාන්තිමත් බ්‍රාහ්මණ තරුණයෙකි. එහෙත් ඔහුගේ හිත නොසන්සුන්ය. සිය මිත්‍ර ගෝවින්ද නමැති තවත් බ්‍රාහ්මණ තරුණයකු සමඟ එකට වැඩෙන සිද්ධාර්ථ, ජීවිතයේ සත්‍ය තත්වය - යථාර්ථය සොයන්නට තීරණය කරයි. ඒ නිසාම, මේ දෙදෙන නගරය අතහැර ගොස්, සන්යාසීන් හෙවත් සිවුරු දැරූවන් බවට පත් වෙති. මේ සියල්ල සිදු වනුයේ, ඉන්දියාවේය; අපේ බුදු හාමුදුරුවන් ජීවමානව සිටින කාලයේදීය. බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනයේ වැඩ වෙසෙති. සිය සත්‍ය ගවේෂණ චාරිකාවේදී සිද්ධාර්ථ සහ ගෝවින්ද සැවැත් නුවරට ගොස්, සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවන් හමු වෙති. දෙදෙනාම උන්වහන්සේ ගැන පහදිති. එහෙත්, එහි නවතින්නේ ගෝ වින්ද පමණි. බුද්ධිය - සත්‍යය - විමුක්තිය - සැනසීම - ලබනු සඳහා ගෝවින්ද බුදු හාමුදුරුවන් වෙත නවතින නමුත්, සිද්ධාර්ථ සිතන්නේ වෙනත් ආකාරයකටය
Read this book? Sign in to share a review with other readers.