
-10%"ස්තුතියි මහත්මයා... ඇත්තෙන්ම මම ඉතාමත් කෘතඥ වෙනවා ඔබ මා හට වතුර වීදුරුවක් ගෙන එනවා නම්..." ඇය එසේ පැවසූ විටම මම ස්ප්රයිට් බෝතලය සමඟ නොමිලේ ලැබුණ වීදුරුවට ජලය පුරවා වීදුරුවක් ගෙන ගොස් දුනිමි. "ඔබ බොහොම ලොකු මානසික පීඩනයකින් සිටින බව මා හට තේරෙනවා. කරුණාකර ඔබගේ ගැටලුව අප වෙත ඉදිරිපත් කරන්න..." යනුවෙන් හෝමූස් පැවසුවේය. ඇය හරිබරි ගැසී තම කතාව පැවසීමට පටන් ගත්තාය. "මම මීනා...” "මීනා හොකර්ද?” මම ඇසුවෙමි. හෝමූස් මට රැව්වේය. "මීනා හොකර් ඉන්නේ ඩ්රැකියුලා කතාවේ. ජොනතන්ගේ වයිෆ්ගේ මනුස්සයෝ...!” ඔහු දැඩි ස්වරයෙන් පැවසීය. "මම මීනා සිරිතිලක... මම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ජොනතන් ධර්මදාස නැමත්තා සමඟයි. නමුත් රහස් පරීක්ෂකතුමනි, දැනට දින ගණනකට පෙර සිට මාගේ පෙම්වතා අතුරුදහන්! ඔහුගේ ආයතන ප්රධානියාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ව්යාපාරික කටයුත්තක් සඳහා නිමල් සපරමාදු මහතාගේ පැරණි මන්දිරය වෙත ගියා කියායි. නමුත් මා හට මේ වනතෙක් ඔහුගෙන් කිසිදු පණිවිඩයක් හෝ ඇමතුමක් ලැබී නැහැ. ඔහු අවසානයේ මා හට මෙම කෙටි පණිවිඩය එවා තිබුණා.”
Read this book? Sign in to share a review with other readers.