
-10%දැනෙනවද ? දන්නවද මේ ගැහෙන්නේ මොකක්ද කියලා.? ගැහෙන්නේ හදවතක් නෙවෙයි සියාහ. මේ ඔයාගේ නමට පිස්සු වැටුණු මිනිහෙක්ගේ හුස්ම පොද || තමුසේ මට කරන්නේ ඒක. මාව පිස්සෙක් කරන එක. තමුසෙගෙ ඇස් මාව ඕන කියලා කෑ ගහද්දී තමුසෙගේ වචන මාව ඈතට තල්ලු කරනවා. මගේ මැසේජස්වලට හිතක් පපුවක් නෑ වගේ උත්තර දුන්නට, අනිත් පැත්තට බාත් රුම් එකට ගිහින් අඬනවා. තමුසේ මට මැරෙන්න දෙන්නෙත් නෑ ජීවත් වෙන්න දෙන්නෙත් නෑ සියා. මාව මෙච්චර පිස්සෙක් කරන්න තමුසේ මට එක දවසට මොනවද කළේ. කියනවා !!" ඔහුගේ අතට මැදිව තිබූ ඇගේ අත, ඔහුගේ නොඉවසුමෙන් මකී ගියෝය. ඔහුගේ සිරුරෙන් පිටවන උණුසුම ඇගේ ඇට මස් නහර පුරා දිව යන තරමට ඔහු ඇයට තව තවත් ළං විය. "අත රිදෙනවා කෙඩන්."
Read this book? Sign in to share a review with other readers.