
-10%මොන තරම් සනීපයක් දැයි අප වහා ඇද වැලඳ ගන්නා මොහොතක වුව ද ඇත්තේ මායාකාරී බවකි. ජීවිතය කල් තියා සැලසුම් කොට අපේක්ෂිත ගමනාන්තයකට එළඹිය නොහැකි යාත්රාවකි. දැනෙන පෙනෙන දහසක් දේ අනුව ගළපා සැලසුම් කළ ද ජීවිතය ගමන් කර ඇත්තේ අප සිත් යටි මඩියෙහි සඟවා ගෙන සිටින ආශාවේ පෙළඹුම් දිශාවටයි. ඒ අප ද නොදන්නා හඳුනා නොගත් ආශාව අපේ ගමනාන්තය තීරණය කරයි. තම තමන්ගේ ජීවන අත්දැකීම් ද පොතපතින් සිනමාවෙන් කවියෙන් විඳි අත්දැකීම් ද නිසා ගොනු වූ නොයෙක් දාර්ශනික අදහස් පෙණ බුබුළු සේ මතු වෙමින් බිඳී ගිය දෙමිතුරන්ගේ සාදය සිඳී ගියේ කෙසේ දැයි නිගුට මතක නැත. මතක නැතැයි කිව හොත් වැරදි ය. සිහියක් පතක් නැත.
Read this book? Sign in to share a review with other readers.