
-10%ඇය ආදරය කරන්නටම උපන්නියකි. එය ඇය සහජයෙන් ලත් දෙයකි. අයෙක් මුදල් රැස් කිරීමට හපනෙකි. අයෙක් වෙද හෙද කමට හපනෙකි. අයෙක් නිර්මාණය කිරීමට හපනෙකි. එක් එක් අය සතු විවිධාකාරයේ හැකියාවන් ඇත. ආදරය ඇය සතු හපන්කමයි. හැකියාවයි. ඔවුන් ජීවිතයේ විශේෂ යමක් සිදු නොකරයි. ඔවුන් සතු සුවිශේෂී හැකියාවන්ද නැත. ඔවුන් කැපී පෙනෙන්නේද නැත. එහෙත් අන් අයට ජීවත් වීම පහසු කරයි. අන් අයට නොදන්නා ශක්තියක් වෙයි. ඔවුන් සතුටේදී කෙසේ වෙතත් දුකේදී වාරුවක් වෙයි.
Read this book? Sign in to share a review with other readers.