

-20%දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ මොකද්ද කියලා මං හැමවෙලාවෙම හිතුවා රෙඩියෝ චැනල්වල පත්තරාතර ඒවාට නිදසුන් ටොන් ගණන් තිබ්බා කර්ණ කඨෝර අත්වලට තනිව මැදිවීම නපුරු රුදු පිරිමි ඇස්වලට රැයක නතුවීම ඒවායේ පුනා පුනා හැමදාම කිව්වා කෙල්ලෙකුට වෙන්නෝන නරකම දේ - ඒක කාලයක් මං එහෙම හිතුවා අත්දැකීම් නම් ගංඟාවෙ රළ අතර වැදෙමින් ජීවිතේ පාරුව තව දුරක් ඇදුනා ලඟින් සිටි පෙම්වතා නොකියාම පිටුපෑම ප්‍රාණසම ස්වාමියා ජීවිතේ මඟින් හැරයාම කෙල්ලෙක්ට වෙන්නෝන නරකම දේ වෙන්නැති මං එහෙමත් සමහරදාක හිතුවා ජීවිතේ හුඟක් දේවල්වලට පස්සෙත් යුවතියක් මගේ දිවියට ආවා තාත්තා හිටියනම් අද මෙහෙම වෙන්නෑ දිනක් අඬනතර ඈ - මට කිව්වා ඒ වචන පහේ ටොන්ගණන් බර ඒ මොහොතෙ පවා මට දැනුනා චිත්‍රපටියක නිමාවට කලින් වීරයාගේ නික්මීම චිත්‍රපටියේ අවසානයට කොයිතරම් තදින් බලපානවද අන්තිමේ දරුණු ලෙස මට හිතුනා දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ මොකද්ද කියන එකට උත්තරය හිතවතුනි, අවසානෙ මට ලැබුනා.!! |තරිඳු අවිශ්ක ලියනගේ
Read this book? Sign in to share a review with other readers.