

Out of stockමා මුලින් ම ගාමිණී ජයසේකරයන් හඳුනාගත්තේ 1978 අගෝස්තු මස දිනයකදීය. ඒ, මාගේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙවැනි පත්වීම වූ මාතර දිස්ත්‍රික්කයේ, හක්මණ ප්‍රාදේශීය උප දිසාපති ලෙස රාජකාරි භාර ගැනීමට මාගේ උපන් ගම වූ මාතරට පැමිණි වකවානුවේදීය. ආරම්භයේ දී ම නවක උප දිසාපතිවරයෙකු ලෙස මාතර දිසාපති කාර්යාලයේ තිබූ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවක එවකට කඹුරුපිටිය ප්‍රාදේශීය උප දිසාපති ලෙස කටයුතු කළ ගාමිණී ජයසේකරයන් මගෙන් විමසුයේ ඔහේ රාහුලෙන් ගියේ මොන කාලයේද? * කියාය. එතැන් පටන් ගාමිණ මගේ ඉතා කුලුපග මිතුරෙකු විය. මා හක්මණ සේවා ස්ථානයෙන් බැහැරව සිටි සෑම අවස්ථාවකදීම වැඩබලන හක්මණ ප්‍රාදේශීය උප දිසාපති වූයේ ද ගාමිණීය. ඒ සියල්ලටම වඩා ප්‍රාදේශීය පරිපාලනයේ නවකයෙකු වූ මත ගාමිණී ඉතා ළෙන්ගතු, දයාබර ගුරුවරයෙකු ද විය. කිසිම නීති පොතක, කාර්ය සංග්රහයක, අත් පොතක හෝ චක්‍ර ලේඛයක නොවූ දෑ අත්දැකීමෙන් දැන උගත්, සෑම අතින්ම ජ්‍යෙෂ්ඨයකු වූ ගාමිණි මට මඟ පෙන්වූයේ වැඩි මහල් සහෝදරයෙකු නම් බාල සහෝදරයාට මඟ පෙන්වන්නෙකු සේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 'වීර චූඩාමණි ' යනු ජනාධිපති සම්මානය ලැබූ එකම රාජ්‍ය නිලධාරියා වන මා හිත මිත්‍ර ගාමිණී ගැන ලියැවුණු 'වීර චූඩාමණි චරිතාපදනය', මෙවැනි පතපොත කියවීමට රුචියක් දක්වන, එමෙන්ම සෑම රාජ්‍ය නිලධාරියෙකු ම නිස්කලංකව කිය විය යුතු අගනා රාජ්‍ය පරිපාලන ග්රන්ථයකි. මෙය රාජ්‍ය නිලධාරියෙකු මහජනතාවට සේවය කිරීමේ දී ලබන අත්දැකීම්, ගැටලු වලට මුහුණ දෙන ප්‍රායෝගික ආකාරය අපට හොඳින් උගන්වන අත් පොතකි.
Read this book? Sign in to share a review with other readers.