

Out of stockමගේ දෑත මත වූ අම්මාගේ දෑතේ ග්රහණය වඩාත් දැඩි වූ අතර, මම දිගටම කතා කළෙමි. “අනේ අම්මෙ සුදු හමක් තියන එක ඔච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක්ද? මොකක්ද ඒකෙ ඔච්චරටම ආඩම්බර වෙන්න තියෙන්නේ?” අම්මාගේ ග්රහණය තවමත් ලිහිල් වූයේ නැත. “ඒකෙ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා කෙයිසි. සුදු හමේ වගේම කළු හමෙත් ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙකුගෙම හමේ පාට එක සමාන නැහැ. ඒත් එහෙම වුණයි කියලා එක පාටක් උසස් වෙන්නෙවත්, තව පාටක් පහත් වෙන්නෙවත් නැහැ.” “ඉතින් ඇයි ඒක මිස්ට සිම්ස්ට තේරෙන්නේ නැත්තෙ?” “ඒ කළු අය, සුදු අයට වඩා පහත් කියලා හිතන වර්ණවාදීන්ට එයත් අයිති නිසා.” එම වචනයේ අර්ථය කුමක්දැයි හරියටම නොවැටහුණු බැවින්, මම ප්රශ්නාර්ථය මුසු බැල්මකින් අම්මා දෙස බලා සිටියෙමි.
Read this book? Sign in to share a review with other readers.