

Out of stockආකාස කුසුම්' ප්‍රසන්න විතානගේ ගේ සයවැනි සිනමා නිර්මාණයයි. 'සිසිල ගිනි ගනී' 'අනන්ත රාත්‍රිය', 'පවුරු වළලු', 'පුරහඳ කළුවර', 'ඉර මැදියම' ඔහුගේ අනෙකුත් නිර්මාණ වෙයි. 2008 ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ආකාස කුසුම්' චිත්‍රපටයේ 'සන්ධ්‍යා රාණි ' ලෙස මාලනී ෆොන්සේකා කළ රංගනය වෙනුවෙන් රජත මයුර සම්මානය ඇයට හිමි වූ අතර 2009 ඉතාලියේ පැවැති ලෙවාන්තේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම නිළිය සම්මානයත්, 2009 ඕස්ට්‍රේලියාවේ ආසියා පැසිෆික් සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළිය නිර්දේශයත් ඇයට හිමි විය. 'ආකාස කුසුම් ' 2009 වසරේදී ප්‍රංශයේ වෙසුල් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූර්ය ගෞරව සඳහනත්, ස්පාඤ්ඤයේ ග්රනාඩා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම ආසියාතික චිත්‍රපටයට හිමි නෙපැක් සම්මානයත්, ඕස්ට්‍රේලියාවේ බ්රිස්ටින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී අන්තර්ජාතික විචාරක සම්මානයටත් නිර්දේශ විය. ජාත්‍යන්තර සිනමා උළෙලවල් 25කට ආරාධනා ලැබූ 'ආකාස කුසුම්' චිත්‍රපටය තවමත් ලොව පුරා ප්‍රදර්ශනය වෙයි.
Read this book? Sign in to share a review with other readers.