

Out of stockඉලංගංතිලක යනු ඇටවූ එකාට අමතක වී ගිය ක්ලේමෝ බෝම්බයක් වැනි එකෙකැයි විශ්වාසයක් මුදලාලි ඇල්බට් තුළ කාලයක පටන් පැලපදියම් වී තිබිණි. ඔහු ලේසියකින් කඩයට ආවේ නැත. ඒ වෙනුවට බඩු ගෙනයන්නට ආවේ, ඔහුගේ නිවසේ වැඩ කළ කමලා නම් දෙමළ ගැහැනිය හෝ එහි අලුත්වැඩියා හා නඩත්තු කටයුතුවලට ආ ගිය, කාගේත් හිත දිනාගත්, කොයි වැඩේටත් වැඩ්ඩෙකු ඌ උපුල් පමණි. මුදලාලි ඇල්බට් වරෙන් වර වහෙන් ඔරෝ ඉලංගංතිලකගේ අභ්‍යන්තර තොරතුරු පාදාගන්නට හැදූ අවස්ථාවලදී කමලා සිංහල හරියට බැරි බව අඟවා මඟහැර ගිය අතර, උපුල් තමන් අනුන්ගේ වටලප්පම්වලට තේ හැඳි නොගහන බව ඍජුවම හෙළි කළේය. ඒ නිසා මුදලාලි ඇල්බට් තුළ ඉලංගංතිලක සම්බන්ධයෙන් තිබුණේ මැරිච්ච ආච්චි සම්බන්ධයෙන් තිබෙන්නාක් බඳු ගෞරවය මුසු බියකි.
Read this book? Sign in to share a review with other readers.