

-20%ලන්ඩන් කෞතුකාගාරයේ දැකුම්කලු අප්සරාවක ලෙසින් වැඩ හිඳින තාරාගේ ඉරියව්ව, ස්ත්‍රී ලාලිත්‍ය හා භාවය වචන වලට නොනැගිය හැකි තරම් අපූර්වය. එසේ හෙයින් මේ ස්ත්‍රී රුව දකින්නෙකුට එහි නිමැවුම්කරුවා ගැන කුහුලක් ඉපදීම ස්වභාවිකය. ඒත් එකී නිර්මාණකරුවා නිමැවූ තාරා අන් සෑම දෙවඟනක් මෙන්ම නොවුයේ මක් නිසාද ? කාන්තාවකගේ ගෞරවයේ සංකේතයක් ලෙස සලකන ආභරණ කිසිවක් ඇගේ තඹ පිළිමයේ දක්නට නැත්තේ මක් නිසාද? උපකල්පන හැරෙන්නට මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයාගත හැකි ක්‍රමයක් ඔබටත් මටත් ඇත්තේ නැත... මේ එකී අපූර්ව ප්‍රතිමාව මැවූ නිර්මාපකයාගේ කල්පිත කතන්දරයය! මෙතරම් අපූර්ව ප්‍රතිමාවක් මවන්නට එකී නිර්මාණකරුවාගේ මනස මෙහෙය වූ කතන්දරයය!
Read this book? Sign in to share a review with other readers.