

Out of stockමේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැඳෙන තනිකම අස්සේ තනි වීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි. තනිකම ඇබ්බැහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවෙන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත. අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක් ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.
Read this book? Sign in to share a review with other readers.