

Out of stockඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං.” “එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්? ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන...” “අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො!” “එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ?” “අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? ‘සඳුනි’ම කියල කියනවද? ‘සුදු නෝනා...?’ ‘සුදු අම්මියා...?’ ‘මැණිකා...?’ එහෙමත් නැත්නම් ‘පෙම්බරී...?’ ආ... මෙහෙම කරමු. මං එයාට ‘ගෙම්බරී’ කියන්නම්. ඒක මරුවට ගැළපෙනව ගෙම්බෙක්ගේ බිරිඳකට.”
Read this book? Sign in to share a review with other readers.