

Out of stockඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරින් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානුවක් සිතුම් පැතුම් ද නවානුවක් චාරිත්‍ර චාරිත්‍ර ද අපට බෝ කළෝය. දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කැම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඩල නිරාවරණය කරගෙන පීවත් විමත් තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අවිවේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ. අනේ කාලේ වනේ වාසේ අපට මිලේච්ඡ යැයි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන් පීරා ඇත්ත තෝරා බේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමු දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප ඥානය, හුන්නා කඩවරේ' දී ශකිල අපට සොයා පාදා දෙන්නේය. අලියා මතු නොව අලියාගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකු බව ඔහු වටහා දෙන්නේය. වෙද හෙද කම් කර තමන් සුවපත් කරන හුන්නාකඩවරේ වෙද මහත්තයාට "අනේ උඹට බුදු බව අත් වේ වා " යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, "අනේ උඹට බුදු බව අත් වේවා" යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.
Read this book? Sign in to share a review with other readers.