
-10%නුතන සිංහල නවකථා කලාව තරුණ ලේඛිකාවක් අතින් අර්ථ සම්පන්නව වර්ණවත් වන අන්දම ප්රශංසනීය වේ. තරුණියක, පෙම්වතියක, බිරිඳක ඇතැම් විට මිත්තණියක ලෙස අත්විඳින ජීවන සන්තාපයන් ලේඛකයෙකුට වඩා ගැඹුරින් හා නිර්ව්යාජව ලේඛිකාවකට නිරූපණය කළ හැකිය යන්න මගේ විශ්වාසයි. ඒ බව සපථ කරන්නට දිල්රුහා සෙව්වන්දි විසින් නිර්මාණය කරන ලද 'කුනිය කින්නි ' නවකථාව මනා වූ නිදසුනකි. කතූවරිය නුතන ගැහැනිය විෂයෙහි සංකීර්ණ ජීවන යථාවක් අතීතය තුළ ඇති ජනශ්රැති, ජන ප්රවාද ඔස්සේ පරිකල්පනය කර ඇති අන්දම රමණීය වේ. ස්ත්රිය විෂයෙහි සනාතන, එහෙත් අදෘශ්යමාන ගොරබිරම් සැබැවින් කතූවරිය සිය වියමනෙන් පාඨකයා අබිමුවට පත් කරන්නේ අනුවේදනීය හැඟීම් ඔස්සේ සහකම්පනයක් ඇති කරමිනි. කතූවරිය චරිත නිරූපණයේදී දක්වන සමත්කම හේතූවෙන් ස්ත්රී පුරුෂ භේදයකින් තොරව; පොදු පාඨකයා මනුෂ්යත්වය සම්බන්ධ ජීවනාවබෝධයක් ලබයි. කතාවේ සංදර්භය හා රචනා රීතිය අභිමත අන්දමට ගොඩනගා ගැනීමට කල්පනාකරී වීම නවකථාව කියවීමෙන් පාඨකයා අත්විඳින ආස්වාදය ත්රීව්ර කරයි. අතිශයින් සංකීර්ණ ජීවන කලාපයක් වෙත පාඨකයා කැඳවාගෙන යන කතූවරිය අවසන පාඨකයා කසල කරමින් නෙතට කඳුළක් නංවයි. දිල්රුහා මේ නවකථාවෙන් ස්වකීය ප්රතිභානය පමණක් නොව ජීවන දෘෂ්ටියද විදහා පෑමට සමත්ව සිටින අන්දම ප්රශංසනීය බව නොවළහා වසනු කැමැත්තෙමි.
Read this book? Sign in to share a review with other readers.