

Out of stockඅපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි. - ඉලක්ෂ ජයවර්ධන
Read this book? Sign in to share a review with other readers.