

Out of stockකසුන් ගිවන්ත පීරිස්, සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය නම් කර තිබෙන්නේ, ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක්' යන මැයෙනි. කව් පන්ති එකසිය විසිපහක් මෙහි ඇතුළත් වේ. නිදහසේ හා නිර්භයව විවිධ ආකෘතීන් භාවිත කරමින් නිර්මිත මෙහි ඇතුළත් කව්, ජීවන ලාලසාවන් විෂයෙහි කුළු ගන්වන කයාගේ දෘෂ්ටිය මැනවින් විශද කරයි. ඇතැම් කවිවල අනුභූතීන් ඔස්සේ පළ කර සිටිනේනේ සම්ප්‍රදායෙන් ව්‍යුක්තව ජීවිතය කියැවීමට කවියාට අභිමත අභිප්‍රායයි. කිසිම අත්දැකීමක් පාදක කර ගත්ත ද, ඕලාරික හැඟීම් පළ නො කරන්නට කවියා වග බලාගෙන තිබේ. එහෙත් සදාචාරයේ කඩතුරාව යට සැඟවෙන්නට ද ඔහු උත්සුක වී නැත. මේ කෘතිය ඔස්සේ කවියා ස්වකීය ජීවිතය සම්බන්ධ නිරීක්ෂණ ඔස්සේ පරිකල්පන ශක්තියෙන් රසිකයාගේ කල්පනයට නතු කරන ජීවන අරුත් ප්රබලය. භාෂාව පරිහරණයේ දී හැඟීම් කුළු ගැන්වීමට ඔහු විවිධ ශිල්ප ධර්ම භාවිත කර ඇතත්, කවියක සංක්ෂිප්ත ගුණය ආරක්ෂා කර ගනිමින් චිත්ත රූප මවනා යුරු අපූරුය. සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන්ම කසුන් ගිවන්ත, තමන්ගේ කවීත්වයත්, ජීවිතය විෂයෙහි ස්වකීය දෘෂ්ටියත් විදහා දක්වයි. නූතන කවි කෙතට අවතීර්ණ වන තුරුණු කවියෙකු ලෙසින් ඔහුට රසික -පාඨක - විචාරක අවධානය හිමිවනු නිසැකය.
Read this book? Sign in to share a review with other readers.