

Out of stockකවිය පළමුව අපූර්ව විය යුතුය. තම සංවේදනාවන් රසිකයා සහානුභූතියට පත් වන ලෙස අපූර්ව ලෙස ඉදිරිපත් විය යුතුය. එසේම එම අපූර්වත්වය අනුභූතිය වසා නැගී සිටින ලෙස, සංවේදීතාව ඕලාරික අනුවේදනියත්වයක් හෝ භාවාතිෂයත්වයක් නොවනා ලෙසින් සංයතව, සංගතව ඉදිරිපත් විය යුතුය. අර්ථ, ශබ්ද, රූප රසයක් ඉස්මතු වන සේ සංකල්ප රූපිකව ඉදිරිපත් කිරීමද එසේම අවියෝජනීය වන්නේය. අකලංකගේ 'පිරිමි හිත් මෙම ලක්ෂණ ඔහුටම ආවේණික සියත් බවකින්, අල්පෝක්තික බවකින් යුතුව අනු දකිමින් ලියවුණු කවි එකතුවකි. විද්‍යාවේ වියලි, රූක්ෂ, ගාඩ පාරිභාෂික යෙදුම් හා සංකල්ප ඔහු කාව්‍ය සංකල්ප බවට පත් කරනා ආකාරය, රූපිකයන් බවට පත් කරන ආකාරය අපූරුය. කේ. කේ. සමන් කුමාර
Read this book? Sign in to share a review with other readers.