

Out of stockඑම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට්රක් රථයේ පසුපස කොටස ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි. ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන් පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි. එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය. එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය. සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය. කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය! තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින් බැඳ ට්රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය. ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය. නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි. ඔහුට නැවත පියවි සිහිය පැමිණෙන විට තමන් සුදානම් වී සිටිය යුතුය! එසේ නොවුණහොත් ඉතා ඉක්මනින් ශීත කාලය පැමිණේවි යැයි ඇය තදින්ම විශ්වාස කළාය.
Read this book? Sign in to share a review with other readers.