

Out of stockප්‍රවීණ මාධ්‍යවේදිණියක, සමාජ ක්‍රියාකාරීණියක හා සාහිත්යවේදිණියක වන මනෝහාරී හේවාවසම් විරචින ඇගේ තෙවන නව ප්‍රබන්ධය පුරප්පට්ටුව නමින් පාඨක සහෘද අතට පත්වී ඇත. නිර්මාණ කලාවේ මනෝහාරීගේ දීර්ඝකාලීන පරිචය මොනවට විදහා දැක්වෙන මෙම ප්‍රබන්ධය. කියවීමේ රසයෙන් පරිපූර්ණ නව්‍ය වූ ජීවිතානුභූතියක් කරා අප රැගෙන යන කෘතියකි. පුරප්පට්ටුව ගැමි ගැහැනියකට, ජීවිතයේ මුහුණ පෑමට සිදුවන ඛේදවාචකයක විවිධ පැතිකඩ කරා පාඨකයා රැගෙන යන කෘතියකින් ඔබ්බට ගිය, සමාජ දේශපාලන, සංස්කෘතික හා ආර්තික පසුබිමක චරිත සමූහයක් හැසිරීම් විශද කෙරෙන ප්‍රබන්ධ කතාවකි. ඓතිහාසික චරිත ද්වයක් ලෙස නිරූපිත සූර්ය දේවිය, වීදිය බණ්ඩාර පුරප්පට්ටුව නව ප්රබන්ධයෙහි කතානායිකා කුමාරිගේ ජීවිතාන්දරයේ සෙවනැලි සේ දිසෙයි. එහෙත් වරින් වර ඓතිහාසික පුවතින් ව්‍යුක්තව, කතානායිකා කුමාරි, ඇගේ සැමියා විමලසිරි මුල්කර ගනිමින් විකාශය වන මූලික ප්‍රබන්ධය ඔස්සේ නූගත් ගැමි ගැහැනියක වන කුමාරිගේ විවාහ ජීවිතයේ දෙදෙරා යාමේ සිට, ඈ නගරයට සංක්‍රමණය වීම, ඉන්පසු ඇගේ ජීවිතය වෙනස්වන සිද්ධි දාමය නිර්මාණකාරිය විසින් පෙළ ගස්වා ඇත්තේ කාලය හා අවකාශය පිළිබඳව අවබෝධයකින් යුතුව, නවකතාවේ මූලික රීතින් නොබිඳෙන අයුරිනි.අන්තර්ගතය, කතා වින්‍යාසය චරිත නිරූපණය,විශ්වාසනීයත්වය යන කරුණු පිළිබඳ කනාකාරීය සතු ප්‍රවීණත්වය පුරප්පට්ටුව ඔස්සේ විද්‍යාමානවනු පෙනේ. සිංහරාජ මායිමේ වූ පොලින්ද නුවර නූගත් ගැමි ස්ත්‍රියක වූ කුමාරී, සෙයිලමට පැමිණ,පාතාල නායකයෙක් වූ පද්මි හමු වීම දක්වා දිගු කාල පරාසයක් තුළ ඈ විසින් මුහුණ දෙනු ලබන විවධාකාරයේ ජීවන ප්‍රශ්න, අභියෝග, ශමුවේ නොසැලී සිටින අධිෂ්ටානශීලී, නිර්භීන ගැහැනියක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරීය දස්කම් පාන්නීය.නවකතාව අග බාගයේදී කුමාරිගේ ඇවතුම් පැවතුම්, භාරනයේ විසූ පුලාන්දේවියගේ ක්‍රියාකාරකම් හා සමපාත වන ලක්ෂණ ද පළ කෙරෙයි.මනෝහාරී හේවාවසම් කතාකාරියගේ දෘෂ්ටිය හා පර්යාලෝකය තුළ සමාජීය හා ඓතිහාසික රචනා සුන්දරත්වය ඉස්මතු වී පෙනේ. මතට ඇබ්බැහිවෙකුගේ චරිතයක් හේතුකොටගෙන, ආගාධයකට ඇද වැටෙන ස්ත්‍රී භූමිකාවක විශ්ලේෂනාත්මක ජීවිත විවරණයක් කරා අප රෑගෙන යාමට කතුවරිය සමත්වන්නීය. පුරප්පට්ටුප නව ප්රබන්ධයෙහි හමුවන චරිත, සිදුවීම් එකිනෙක හූයක් සේ බැඳී ඉදිරිපත්වෙයි.ඈත ගැමි පරිසරයක තතු ද නාගරික ජීවන පසුබිමක අඳුරු, බියකරු අහුමුලු ද කරා ආලෝක ධාරාවක් එල්ල කරමින්, ජීවිතය මේ යැයි දකින්නට කතාකාරිය ඇරයුම් කරන්නීය. සුමට බසකින් කතාවෙන් අපේක්ෂිත ඉසව් කරා පාඨකයා සහභාගි කරගැනීමට සමත් වන්නට ද පාඨක ග්‍රහණය සුරැකිව රඳවා ගැනීමට හැකිවන අයුරින් චරිත හා සිදුවීම් නිර්මාණය කිරීමට කතාකාරීය පෙන්වන ප්‍රතිභාන්විත ආමන්ත්‍රණය ද පුරප්පට්ටුවෙහි වටිනාකම ලෙස දකිමි.
Read this book? Sign in to share a review with other readers.