

Out of stockජීවිතයේ ඔබට සිටිනා සැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය යුතු බවත්,එවිට ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ හිනවතුන් පමණක් බවත් සමහරු කියනු ඇත. ඒත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි! ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීවිතයේ සාර්ථක වීමට පටන් ගත යුතු ය. එහෙම සාර්ථක වෙද්දී පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැඛෙනු ඇත. ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත් වෙද්දී ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබව වට්ටන්නට උපරිම උත්සාහ දරා ඒ බැරි ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත. ඒ ලබනා සාර්ථකත්වය වෙනුවෙන් ඔබ, හදවන ඇතුළාන්නයෙන් කොයි තරම් පීඩනයක සහ දරුණු සටනක නිරත වෙනවා ද යන්න ගැන හරියට ම දන්නේ ඔබ ම පමණක් ය. ඒත් කොයි තරම් අමාරු අවස්ථා වල දී වුව, නිදහස් සිනහවකින් සමාජයට මුහුණ දෙන මිනිසෙකු වන්න! ඔබට එහෙම සිනහ විය හැකි නම්, ඔබ තරම් ශක්තිවන්න මිනිසෙකු ලෝකයේ නවත් නො ඉපැදෙනු ඇත! මේ ලෝකයේ ඇති දරුණු ම සහ බලවත් ම අවිය සිනහව පමණක් බව කියමි. නෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නෙ නෑ නුඹම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ තනි වීම වුව ප්‍රේමය ම බව යළි යළිත් මේ අදත් පවසමි මතක අමතක කරන්නට බැරි බැවින් නිහඬව බිම බලා ගමි අතීතේ මතකය දරාගෙන නුඹව සිහි කර යළි හිනා වෙමි තවත් රිදවිලි මොටද, එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි.
Read this book? Sign in to share a review with other readers.