
-10%නුවරඑළියේ සීතල මිදුම් කදුකරයේ, තේ වතු මැද හුදෙකලා වූ ග්ලෙන්ට්රොක් බංගලාව පිටතට නිදහස්, සන්සුන් පෙනුමක් ඇති ස්ථානයක්, විදුලි වැටවල්, ආරක්ෂිත කැමරා, දඩ බල්ලන් සහ සන්නද්ධ මුරකරුවන් විසින් ආරක්ෂා කරන අධි ආරක්ෂිත කලාපයක්, එම නිස්කලංක බව සහ ආරක්ෂාව නිසාම එහි පවත්වාගෙන යහ නේවාසික සුවතා මධ්යස්ථානයට ඇදෙන ධනවතුන් සංඛ්යාව ද ඉමහත්ය. Mr.V ad නමින් හඳුන්වා ගන්නා අද්භුත සේවාදායකයාගෙන් ලැබුණු රුපියල් මිලියන පහක කොන්ත්රාත්තුව වෙනුවෙන් එතුළට රිංගන ඔබට සොරකම් කිරීමට සිදුවන්නේ මොනවාද? එහරම් ආරක්ෂාවක් යොදා ඔවුන් සැබැවින්ම ආරක්ෂා කරන්නේ නේවාසික සුවතා මධ්යස්ථානය පමණක්ම ද? ග්ලෙරොක්හි බිත්ති අතර, දශක ගණනාවක් තිස්සේ සැඟවුණු බිහිසුණු අබිරහස් හෙළිකරගන්නට ඔබ සමත් වේවිද? මෙහෙයුම සඳහා ඔබට අවතීර්ණ විය හැකි මාර්ග බොහෝමයි. සැඟවී, සෙවණැලි අතරින් ඇදෙන අවතාරයක් ලෙස... මිනිසුන් මුලා කර ප්රයෝජන ගන්නා රවටන්නෙක් ලෙස... නැතිනම් ග්ලෙස්ටොක් භූමියම ලෙයින් තෙත් කරන කුපිරු ඝාතකයෙක් ලෙස... ඔබේ ජිව්තයන් රැකගෙන, මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඔබට හැකි වේවිද? මෙය ඔබ නිකම් කියවාගෙන යන පොතක් නොවෙයි. දිවි ගලවා ගන්නට උත්සහ කරන බියකරු සිහිනයක්, ගළපන්නට උත්සහ කරන අසීරු ප්රෙහෙළිකාවක්, සෑම හේර්මකම වගකීම ඔබ සතුයි. ඒ සෑම හෙර්මකම ප්රතිවිපාක ඔබ විඳිය යුතුයි. අවසානයන් 36 ක්. ඔබේ අවසානය කෙසේ වේවිද?
Read this book? Sign in to share a review with other readers.