

Out of stockරසල් හා ඩැල්රින් ඉන්ග්රම් අඹු සැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් පුජකවරයා විසින් රැකියා ලබාදී, වාසය සඳහා පූජක නිවසද ලබා දෙයි. ඔවුන්ට මුලින් හැඟුණේ එය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් විලසිනි. එහෙත් වැඩි කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ බරපතළ, එසේම මාරාන්තික රෝගයකටය. පූජකවරයා නොවන බව රසල් තේරුම් ගන්නා විට ඔහු ප්රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි. පුරුද්දට මිනී මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. මෙවර මරණයට පත්වන්නේ පූජකවරයාගේම බිරිඳය. මේ සියල්ලම සිදු වන්නේ කොළඹ ප්රසිද්ධ පූජක නිවසක් තුළය. සමහර විට ප්රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවුයේ ශ්රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සීතාගතනොහැකි, එමෙන්ම එකාකාර නොවූ අලුත් පන්නයකට නොවේද?
Read this book? Sign in to share a review with other readers.