

Out of stockහැම දෙනාටම මෙවැනි දේ කළ හැකි වන්නේ ය. එසේ ම, කිසිවකු තමා ආලෝකයේ රණකාමියා යැයි නො සිතුවත් අපි සියල්ලෝ ම ආලෝකයේ රණකාමියෝ වන්නෙමු. ඔහු සටහන් පොතේ හිස් පිටු දෙස බැලුවේ ය. ස්ත්‍රිය නැවත වරක් මඳ සිනා නැඟුවා ය. ආලෝකයේ රණකාමියා ගැන ලියන්න, " ඕ කීවා ය. දෙවියෝ අපට වචන වල වග කිව යුතු ස්වභාවය උගැන්වීම සඳහා නිහැඬියාව ප්‍රයෝජනයට ගනිති. විවේකයේ අගය වටහා දෙනු උදෙසා හෙතෙම මිහන්සිය ප්‍රයෝජනයට ගන්නේ ය. යහපත් සෞඛ්‍යයේ ආශිර්වාදය උගැන්වීම උදෙසා අසනීපය භාවිත කරන්නේ ය. අපට ජලය ගැන උගැන්වීම උදෙසා දෙවියෝ ගින්න භාවිත කරන්නෝ ය. වාතයේ අගය උගැන්වීම උදෙසා හෙතෙම පස භාවිත කරන්නේ ය. දිවියේ අගය අපට කියාදීම සඳහා හෙතෙම මරණය ප්‍රයෝජනයට ගන්නේය.
Read this book? Sign in to share a review with other readers.