

Out of stockඛලීල් ජිබ්රාන් නම් වූ අපුරු චින්තකයා, සොදුරු සිත්තරා, විශිෂ්ට සවියා මධුර ස්වරයෙන් ගායනා කරන මුනිවර දේශනා හෙවත් සෞන්දර්යයේ ගීතය සියුම් හා තියුණු ආලෝක ධාරාවක් වැල්ල කරන්නේ ' පවතයේ සංකේත තේරුම් ගැනීමට යැයි මම සිතමි. හුදෙකලා කුටියේ තමා හා ගතකරන්නට, මධු බඳුන් පුරවාලන්නට පැමිණි සොඳුරු ආදරවන්තිය යනු පෙරදා තමා විසින් දකිනු ලැබූ සිහිනයයැයි ඔහු වරෙක කියයි. එතැන් පටන් මේ සුරූපිණිය විප්‍රවාසයේ නිර්මනය හා විස්මෘතියේ නිම්නය බලා පිටව ගිය බව ද පවසයි. සිය යහන අසලින් ඇගේ රුව වල්ලා තැබුව ද, ඇය එවු පෙම්හසුන් මරකත මාණික්‍යයෙන් කළ මංජුසාවක තැන්පත් කළ ද, තදනන්තරව පැමිණි වා රැළි විසින් ඒවා පලවා හනු ලැබුණේ විස්තෘතියේ පෙදෙස් කරා යැයි ද කියා සිටී. මේ ආදර වන්තියට, ඔහු නමක් දෙන්නේ පසුව ය. මගේ ආදර වන්තියගේ නම් ජිවිතයයි. මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් සිංහල බසට පෙරලු මේ වදන් පෙඳු පිරාන් නම් වූ මහා කවියාගේ කාව්‍යමය සංකල්පනාවන්හි ප්රයමානයයි. සෞන්දර්යයේ ගීතය හා සුසංයෝගීව පසු බිමින් වශයන වස්දඬුරාවයක් මෙ මට පෙනී යන්නේ. මේ පොත දෑසින් අසන්නටත් දෙසවනින් නරඹන්නටත් පුළුවන.
Read this book? Sign in to share a review with other readers.