

Out of stockමව්පියෝ සහ දරුවෝ...? "නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නො වන්නාහ. ඔවුන් වනාහි ජීවාත්මයා තුළ තමන් කෙරෙහි පවත්නා තෘෂ්ණාවේ පුදරුවෝ වන්නාහ ඔවුන් නුඹලා මගින් පැමිණිය ද, නුඹලා වෙතින් පැමිණෙන්නෝ නො වන්නාහ. ඔවුහු නුඹලා සමග දිවි ගෙවන්නෝය; එහෙත් ඔවුහු නුඹලාට අයත් නො වන්නාහ. නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කළ යුතු වන්නේ මෙත්තා කරුණාව වීනා නුඹලාගේ සංකල්ප නම් නො වන්නේය; මක්නිසාදයත්, ඔවුන් වෙත ඔවුන්ගේ ම පරිකල්පනා ඇත්තේය. ඔවුන්ගේ සිරුර මිස ඔවුන්ගේ අධධ්යාත්මයන් නුඹලාගේ නිවෙස් හි රැඳවිය යුතු නො වන්නේය; ඒ. ඔවුන්ගේ අදහස් හෙට දවස නම් නිටසෙහි ලැගුම්ගෙන සිටින බැවිණි. හෙට දවස නම් වන එම නිවෙස නුඹලාට සිහිනෙනුදු දැක බලාගත නො හැකි වන්නේය.
Read this book? Sign in to share a review with other readers.