

Out of stockමට විකුම් ගැන ඇත්තේ දුකකි. ඔව්.. මම විකුම්ට සමාව දෙනවා... ඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි... මම දැන් ඉන්න තත්ත්වයට වඩා, වෙනස් විදිහෙ පිරිසුදු ගැනු කෙනෙක් උනානම්.. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව නොදෙනු ඇත. මගේ අතින් උන වැරැද්දට මට කරන්න පුළුවන් හොඳම දේ මෙයයි. මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංචි සැනසිලි ගතියක් දැනෙන්නට පටන් ගෙන ඇත. මගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු, අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත. මට දැන් හිතෙන දෙයක් තමයි, අලුත විවා පත් වූවන්, මොනතරම් අගහිඟකම්, බාධක කම්කටොලු තිබුණත්... ඒවා විඳ දරාගෙන එක තැනක, එක කුලී කාමරයකු හෝ එකට වැටි එක විදිහට පවුල් කෑ යුතු බවයි... තරුණ කාලේ හිත්, එහේ මෙහේ යන කාලවල දෙදෙනා දෙතැනක සිටියොත් ඇතිවන ප්රශ්නවලට මුහුණ දෙන්නට පසු කාලයක සිදුවන්නේ ඔවුන්ගේ දරුවන්ට බවද මට දැන් පසක් වී ඇත.
Read this book? Sign in to share a review with other readers.