

Out of stock"තාත්තගෙ වකුගඩු ඔපරේෂන් එකට ඉස්සෙල්ලා, තාත්තට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් හොයා ගන්න ඕනේ නේද..?" " ඔව් මිස්... මිස්ට කියන්න අපේ තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් හොයා ගන්න අපට හරි අමාරු උනා, ඒ නිසා අපි සිංහල පත්තරේක දැන්වීමක් දැම්මා, තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් අවශ්‍යයි. දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න කියලා..." "ඉතිං කවුරුත් කෝල් කලේ නැද්ද..? " මිස්ට කියන්න... අපටත් පුදුමයි... විසිතුන් දෙනෙක් අපට කතා කලා... ඒ කතා කරපු මිනිස්සු ඔක්කොම සල්ලි වලට වකුගඩුවක් දෙන්න කතා කලේ...'' "සල්ලි වලට..? "ඔව්... ඒ ගැන එක එක්කෙනා. එක එක ප්‍රශ්න කිව්වා ඒ ගොල්ලෝ වකුගඩුවක් දෙන්නට හේතුව... " ඒ කිව්වේ...? "එක පිරිමි කෙනෙක් කතා කරලා කිව්වා. එයාගෙ දුවට මොකක්ද යුනිවර්සිටි එකක් කෝස් එකක් කරන්න ලක්ශ හයක් ඕනේලු, ඒ නිසා එයාගේ වකුගඩුවක් විකුනලා හරි ළමයට උගන්නන්න හදන්නේ කියලා... තව එක්කෙනෙක් කිව්වා, එයා හම්බ කරන් කන ත්‍රීවිල් එකේ වාරික ටික ගෙවා ගන්න බැරි නිසා වකුගඩුවක් සල්ලිවලට විකුනලා ඒක ගෙවාගන්න හදන්නෙ කියලා... තව කෙනෙක් කිව්වා, දරුවෙක්ගේ ඔපරේෂන් එකකට සල්ලි නැතුව වකුගඩුවක් විකුනලා ඒ සල්ලි වලින් ළමයගෙ ඔපරේෂන් එක කරන්න හදන්නෙ කියලා... තව හාමුදුරු නමක් කතා කරලා කිව්වා. දඹදිව වැදගෙන එන්න යන්න සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ. ඒ නිසා වකුගඩුවක් දෙන්න හදන්නෙ කියලා...
Read this book? Sign in to share a review with other readers.