

Out of stockමා මේ බන්ධනය කරන්නේ මා පණ මෙන් ආදරය කළ මිනිසාට නොව, ඔහු තුළ සිටින බලලෝභී යක්ෂයාටය. ශිව දෙවියන් සාක්ෂි වේවා, මේ දම්වැල් ඔහුව සදහටම රඳවා ගනු ඇත! නමුත් මගේ සිත මටම කොඳුරන රහසක් ඇත. දහස් වසරකට පසු තරු රටා කිසිවක් අහසේ නොමැවෙන දිනක, ඔහු නැවත පැමිණෙනු ඇත! ඔහු පැමිණෙන්නේ බියකරු යක්ෂයෙකු ලෙස නොව, දහසක් නෙත් වශී කරන සුරූපී මනුෂ්‍යයෙකු ලෙසය. එදිනට මා ආර්ණා නමින් නැවත ඉපදී සිටිය හැකිය. මට මා කවුරුන්දැයි කියාත් මතක නැතිවනු ඇත. නමුත් මතක තබාගන්න... ඔහු ඉදිරියේ මා අන්ධකාසුර සංහාර තාණ්ඩවය නටන මොහොතේ, මා ඔහුගේ දෑස් දෙස නොබැලිය යුතුය. මා ඔහුගේ දෑස දෙස බැලුවහොත්, මගේ ආත්මය ඔහුට හිමි වන අතර; ඔහුට පනවා ඇති සියලු බන්ධන සැණින් පුපුරා යනු ඇත. මගේ රහස් රකින්නා වූ ශේෂ්, එදිනට මා අසල සිටිනු ඇත. ඔහු මගේ එකම බලාපොරොත්තුවයි!
Read this book? Sign in to share a review with other readers.