

Out of stockශ්රී ලංකාවේ දේශපාලන ක්රමය විශාල අර්බුදයකට ලක්ව ඇතැ'යි කිව හැකිය. ආණ්ඩු අර්බුද මහජනයාට හොඳින් හුරු පුරුදු වුවත් දේශපාලන ක්රමයේ අර්බුද මහජනයාට හුරුපුරුදු නැත . ආණ්ඩු අර්බුද සරලය. ඒ නිසා ඒවා තේරුම් ගැනීමටද පහසුය. දේශපාලන ක්රමයේ අර්බුද සංකීර්ණය. ඒ නිසා ඒවා තේරුම් ගැනීමටද එතරම් පහසු නැත. ආණ්ඩු අර්බුදයකදී අලුත් ආණ්ඩුවක් තේරී පත් විය හැකිය. එවැනි අර්බුදයක් පීඩාකාරී වන්නේ බලයෙන් ඇදවැටෙන පාලක පක්ෂයට පමණය. එහෙත් දේශපාලන ක්රමයේ අර්බුදයක් බලයේ සිටින පාලක පක්ෂය කෙරෙහි පමණක් නොව විරුද්ධ පක්ෂය කෙරෙහිද සමස්ත සමාජය කෙරෙහිද බලපායි. ඒ සියලු දෙනා ඒ මගින් විශාල අර්බුදයකට තල්ලු කළ හැකිය. මෙම පොත් පිංච ශ්රී ලංකාවේ දේශපාලන ක්රමය මුහුණ දී තිබෙන අර්බුදය, ඒ අර්බුදය කෙරෙහි බලපා තිබෙන හේතු, එහි ගතිලක්ෂණ හා එය ගමන් කරමින් තිබෙන දිසාව ගැන ලියන ලද විවරණයක් ලෙස සැලකිය හැකිය.
Read this book? Sign in to share a review with other readers.