

Out of stock"පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා." පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය. පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය. "The tree of Paramee...!" "මම පාරමී?" "ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ." "ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ." "මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම." "කසුන්... ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු." "ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න." "ඇයි ඒ?" "දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන...!"
Read this book? Sign in to share a review with other readers.