

Out of stock'එක ළඟට දෙක නෙවෙයි ' නමැති යොවුන් නවකතාව කරුණු කිහිපයක් මත මේ ගණයේ අවශේෂ බොහොමයක් කාතීන් අතරේ කැපී පෙනෙයි. ඒ සඳහා තුඩු දෙන හේතු කිහිපයකි. පළමුකොට මෙය නව යොවුන් තරුණ තරුණියන්ගේ ව්‍යාජ වීරත්වය හුවා දක්වන කෘතියක් හෝ රොමැන්තික් ගණයේ හුදු අහ්ලාදජනක කෘතියක් හෝ නොවේ. මෙහි පීඩිත පාන්තික දැරියකගේ දිවි පෙවෙත යථාර්ථරූපීව නිරූපණය වේ. දෙවෙනුව මෙහි නිරූපිත පොලිස් නිලධාරියාගේ චරිතය මගින් නීතිය වල්වැදුණු මෙරට වත්මන් සමාජයේ පැතිකඩක් තථ්‍යාකාරයෙන් අනාවරණය කෙරෙයි. තෙවනුව මෙම සියලු අංග මනා ඒකමතිකත්වයකින් යුතුව ප්‍රතිනිර්මාණය කෙරෙන කතා කලාවක්, මෙහි කතුවරයා විසින් උපයෝගි කර ගනු ලැබ ඇත. මහාචාර්ය ජිනදාස දනන්සූරිය
Read this book? Sign in to share a review with other readers.