

Out of stockකුරුසිය කර තබා කල්වාරි ගිර තරණය කරන ජේසුස්ය. හැඬුම්, දෙඬුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තණියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුය. ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද, ඔක්කේද, අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වලද එල්ලී ගත් ළමා ළපටින්ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වීය. කුරුසය කර තැබූ තැන් සිට, නිහඬවම එය උසුළා ගමනේ යෙදුණු තරුණයා මුල්වරට සිය හඬ අවදි කළේ ඒ වැළපෙන ස්ත්‍රීන් වෙනුවෙනි. "ජෙරුසලෙම් දූවරුනි. මා නිසා නොහඬන්ත. ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න. වඳ ස්ත්‍රීහුද කිසි කලෙක දරුවත් නො දැරූ කුසද, කිරි නොදුන් පියයුරුද භාග්‍යවන්ත යැයි පවසන දවස පැමිණෙන්නේය." " ඔහු පැවසූ දේ සත්‍යයක්. අදත් අපි හඬනවා අපේ දරුවන් වෙනුවෙන්, නිමාවක් ඒ කළට.. නිවනක් නෑ ඒ සුසුමට...''
Read this book? Sign in to share a review with other readers.