

Out of stockමෙම යුද ජයග්රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ ඈත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී නිසි කල වයස පැමිණි වහාම හමුදාවන්ට බැඳී තම රට ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය, ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මව්බිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ව, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විඳින අපගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සඳහන් කළ යුතුය. මෙම ප්රශ්න මෙම නව කථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.
Read this book? Sign in to share a review with other readers.