

Out of stock"එහෙනම් මගේ මේ ප්රශ්නයට අවංකව උත්තරයක් දෙන්න." කියන්න බලන්න." මංගලා ඔහුගේ මුහුණ දෙස කෙළින් බලා සිටියාය. මං වගේම මධුත් මට ආදරේද?" මෘගලා තවමත් සේනට යටි සිතින් ආදරය කරනු ඇත යන හැඟීම ඔහුගේ සිතෙහි බලපැවැත්වෙමින් තිබිණි. මංගලා ද එය තේරුම් ගත්තාය. එබැවින් ඇගේ පිළිතුරින් ඔහුගේ සැකය ඉවත් කිරීමට මෙන්ම අවබෝධයක් ද ලබා දෙන්නට ඈ වීරිය කළාය. මට ඒකට උත්තර දෙන්න ටිකක් අමාරුයි ලාල්. මං ඔයාට කැමතියි. ඒත් ඒ කැමැත්ත ආදරයයි කියලා ඔයාව රවට්ටන්න මට බැහැ. ඒක ආදරයකට හරවා ගන්න මං උත්සාහ කරන්නම්." "උත්සාහ කරලවත් ඒක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මං වගේම ඔයත් මට ආදරේ කරනවා කියලා අහන්න මං හරිම කැමතියි. " ඈ සිනාසී ඔහු දෙස බැලුවාය.
Read this book? Sign in to share a review with other readers.