

Out of stockඑම කවි අතර ඇති කාව්‍යාලංකාරික හා යෙදුම් පමණක් වුවත් දීපචෙල්වන්ගේ කවියෙහි පමණක් නොව මහු ඇතුළු දෙමළ ජනයා අත්විඳී ජීවිතයෙහි තතු ඒ වචනවල ගබඩා කර අපට ඉදිරිපත් කරයි. පුස්තකාලයකින් අවසන් වන වීදියේ සන්ලයිට් කොළ පිරි තිබිණි', " රන් මිලට ගත් පෑන සාමාන්‍ය සිංහල කවියකින් හමු නොවන යෙදුම් වේ. තුවක්කුකාරයන්, ඝාතකයින් දවාලද රාත්රියද අරක්ගත් පරිසරයක පොත්පතට, අකුරුවලට, කඩදාසි හා පෑන්වලට අතුරුදහත්වන්නට නොදී අල්ලා සිටින ජනතාවක් හා තරුණ පිරිසක් ගැන කවි කීපයක්ම මෙහි එයි. හිංසනයේ අශිෂ්ටත්වය අබිමුව ප්රබුද්ධත්වය අත්නොහැර අල්ලාගෙන සිටීමේ නැඹුරුවක් ඉන් පෙනේ. ඒ දුෂ්කර කොන්දේසි යටතේ මේ කවි ලියවීමම ඒ නිසා පුදුමයෙක් නොවේ. මේ කවි අතර එන ඇතැම් කාව්‍යමය යෙදුම් දීපචෙල්වන්ට පමණක් නොව මෙහි විස්තර වන ජීවිතය ගෙවූ දෙමළ ජනයාගේ ජීවිතයට ආවේණික වූ සෙයක් පෙනේ. ඒ යෙදුම් දකුණේදී හමුවන්නට තිබෙන ඉඩ ඉතා අඩුයි. මුවා වේගයෙන් දුවයි. මුවා ලෙස වෙස් මාරුකරගත්තවුන් මුවාට ආශ කළෝ ඇවිදිමින් සිටිති ඒ මන්දැයි සොයන දකුණේ අපට අප ගැනම සාමූහික ආත්ම පරීක්ෂාවක් කරන්නට සිතන තැනට හෘදය කම්පනයක් ඇති වුවහොත් ඒ අගනා කාව්‍යයමය ඵලාප්තියකි. නොයෙක් බල ස්තර හා දෘෂ්ටිවාදී ස්තර විනිවිද ගොස් එවැනි ආත්ම පරීක්ෂාවක් කරන තැනට රටක් මෙහෙය වීම යනු කවියකට තනිව කළ හැකි වැඩක් නොවේ. එහෙත් කවියටත් එහිදී භූමිකාවක් තිබේ. මෙහි එක කවිවල යෙදුම් පමණක් නොව ඇතැම් කවිවල සමස්තයම අද්වීතීය වේ. නිදර්ශනයක් ලෙස "අම්මාගේ නිවාස සැලැස්ම" නම් කවිය ගන්න. එය පුදුමාකාර කවියකි. ඉතා දුෂ්කර කොන්දේසි යටතේ. මවකගේ මාතෘ ශක්තිය පමණක් නොව ස්ත්‍රී ශක්තියද ඒ කවියට හසු වන්නේ අනුවේදනීය ලෙසය.
Read this book? Sign in to share a review with other readers.