

Out of stock"පුතාල ආවා " මං කිව්ව එයාව සර්ප්‍රයිස් කරන අදහසින්. හැබැයි එහෙම එකක් වුණේ නෑ. " එහෙටත් ගොඩවුණේ '' සෞම්‍යා කිව්වෙ කාලීන වටිනාකමක් නැති පුවතක් බ්‍රේකිං නිවුස් ගැහුව වගේ "ඇයි අද මොකද වුණේ?" " එහෙමට මොනවත් වුණේ නෑ. ධනුක පුතයි නංගියි ටිකක් සැරට කතා කරනව ඇහුණ. නංගිට ඒගොල්ලෝ ගත කරන ජීව්ත අල්ලන්නෑ, අපිටත් එහෙමතෙ. නංගී ඕපන් රිලේශන්ෂිප් කියල වචනෙකුත් පාවිච්චි කරා." "විවෘත සබඳතා." " මටත් තේරෙනව. ඇත්තටම මේ ගොල්ලො අර පර සංස්කෘතියද මේ රටේ පැළ කරන්න හදන්නෙ මහී?" " මොකක්ද ඒ පාර මේ ඔයාට වෙලා තියෙන්නෙ. ලෝකෙ එක තැනක නෑ සෞම්‍යා. මං ඒ ලයිෆ් එකට එකඟයි කියනව නෙවෙයි. (අපේ කාලෙත් එහෙම එව්ව තිබිබ්බ නං... අම්මා... කොච්චර ෂෝක්ද?) ෆොරීන් කන්ට්‍රිස් වල ඔව්ව සුලබයි. එහෙම ආශ්‍රය නොකර කවුරුත් මැරි කරන්නෑ. සමහර රටවල එහෙම සොසයිටීස් හදාගෙන තියෙනව. නොලේජ්, සෙක්ෂුවල් ලයිෆ්, සෝෂල් ඩිසිප්ලින්, එඩල්ට් කෙයාර්, රිලේශන්ෂිප් සහ තවත් එව්ව තියෙනව. ඒව ඔක්කොම බලල තමයි ඒ ගොල්ලො තීරණය කරන්නෙ මැරි කරනවද නැද්ද කියල. අනික් එක තමයි ප්‍රපෝස් කරනව කියල ඒ දෙන්න චිතරක් සංචාරෙකුත් යනව. සමහර විට රට ඇතුළෙ. එහෙම නැත්තං රටිං පිට."
Read this book? Sign in to share a review with other readers.